විශ්ව විද්‍යාල සිසුන් අත්අඩංගුවට ගැනීමෙන් පසු පාපන්දු සමාජය ක්‍රියාකාරකම් අත්හිටුවයි.


විශ්වවිද්‍යාල සිසුන් අත්අඩංගුවට ගැනීම හේතුවෙන් පාපන්දු සමාජය තරඟ අත්හිටුවයි

.

කියෝතෝ හි දෝෂිෂා විශ්ව විද්‍යාලයේ ඇමරිකානු පාපන්දු සාමාජිකයින් හතර දෙනෙකු ලිංගික අතවර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමෙන් පසු එහි ක්‍රියාකාරකම් දින නියමයක් නොමැතිව අත්හිටුවා ඇත.

 

පසුගිය මැයි මාසයේදී අධික ලෙස බීමත්ව සිටි විශ්වවිද්‍යාල සිසුවියකට ලිංගික අතවර කළ බවට සිසුන්ට චෝදනා එල්ලව ඇත. විශ්ව විද්‍යාලයේ සිව්වන වසරේ සිටි සිසුන් සිව්දෙනා පෙර දින පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු සිකුරාදා නඩු පවරන්නන් වෙත යවා ඇත.

 

මෙම මස ආරම්භ වූ කන්සායි කොලෙජියට් ඇමරිකානු පාපන්දු ලීග් තරඟයේ පළමු කොටසට සහභාගී නොවීමට තීරණය කළ බවද සමාජය සිකුරාදා නිවේදනය කර ඇත.

Comments