වකයාමා ප්රාන්තයේ ශිරහමා ප්රදේශයේ පොලිසිය ඉරිදා කියා සිටියේ නිවාඩු නිකේතනයේ හෝටල් පරිශ්රයේ කුණු කන්ටේනරයක තිබී අලුත උපන් බිළිඳෙකුගේ මළ සිරුරක් සොයාගත් බවයි.
පොලිසියට අනුව, රාත්රී 8.30 ට පමණ සේවකයෙකු විසින් බිළිඳා සොයාගෙන ඇත. සෙනසුරාදා යුකායි රිසෝට් නන්කි ශිරහමෝන්සන් ශිරහමා සයිචෝරකු හි විශාල කුණු කන්ටේනරය මෙම මළ සිරුර තිබූ බව Kyodo ප්රවෘත්ති වාර්තා කළේය. ඒ සමගම අදාල සේවකයා 110 අමතා සිද්ධිය සැල කර තිබේ .
ඔවුන් පැමිණෙන විටත් බිළිඳා මියගොස් සිටි බව පොලිසිය සඳහන් කළේය. දරුවා නිරුවතින් තුවායකින් ඔතා තිබී ඇත.
මරණයට හේතුව සොයා බැලීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන බව පොලිසිය ප්රකාශ කළේය. ඔවුන් සියලු අමුත්තන් පරීක්ෂා කර, දරුවාගේ සිරුර අතහැර දමා ගියේ කවුරුන්ද යන්න තීරණය කිරීම සඳහා නිරීක්ෂණ කැමරා දර්ශන පරීක්ෂා කරන බව පැවසීය.