අබේගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට හනේඩා ගුවන් තොටුපළේ ආරක්ෂාව තර කරයි.


හිටපු අගමැති තුමාගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය වෙනුවෙන් ජපාන ගුවන්තොටුපල වල ආරක්ෂාව තර කෙරේ

.

හිටපු අග්‍රාමාත්‍ය අබේ ෂින්සෝගේ අවමංගල්‍ය උත්සවයට පෙර හනේඩා ගුවන් තොටුපළේ ආරක්ෂාව තර කිරීමට පොලිස් නිලධාරීන් පියවර ගෙන ඇත. සැප්තැම්බර් 27 වන දින මධ්‍යම ප්‍රදේශයේ නිපොන් බුඩෝකාන්හි පැවැත්වෙන අවමංගල්‍ය උත්සවයට විදේශීය සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වීමට නියමිතව ඇත. 

 

අඟහරුවාදා දින පොලිසිය සහ ගුවන් තොටුපළ නිලධාරීන් ඇතුළු 60 දෙනෙකු පමණ ගුවන් තොටුපළේ ඒකාබද්ධ මුර සංචාරයක් පැවැත්විය. පුපුරණ ද්‍රව්‍ය වැනි සැක කටයුතු ද්‍රව්‍ය සඳහා පොලිස් නිල සුනඛයන් සමඟ ජාත්‍යන්තර පර්යන්තයේ ලොකර් සෝදිසි කිරීම් කර ඇත. 

 

ත්‍රස්තවාදය වැලැක්වීම සඳහා සහයෝගීතාව ඉල්ලා මගීන්ට අත් පත්‍රිකා ද ලබා දී ඇති අතර ටෝකියෝ පොලිස් දෙපාර්තමේන්තුව අවමංගල්‍ය උත්සවයට පෙර ගුවන්තොටුපළේ මෙන්ම ප්‍රධාන දුම්රිය ස්ථානවල සහ වෙනත් ස්ථානවල ආරක්ෂාව තවදුරටත් තර කිරීමට සැලසුම් කර ඇත.

Comments