දකුණු කොරියානු අගමැති Abeගේ රාජ්‍ය අවමංගල්‍යයට සහභාගී වන බව තහවුරු කරයි


දකුණු කොරියානු අගමැතිද හිටපු අගමැතිගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වෙයි

.

පසුගිය ජුලි මාසයේදී අභාවප්‍රාප්ත වූ හිටපු ජපාන අගමැති Shinzo Abe සිහිකිරීම වෙනුවෙන් පැවැත්විමට නියමිත රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා දකුණු කොරියානු අගමැති Han Duck Soo මේ මස අගදී ජපානයට පැමිණෙන බවට ඔහුගේ කාර්යාලය බ්‍රහස්පතින්දා නිවේදනය කළේය. 

 

"එළැඹෙන සැප්තැම්බර් 27 වෙනි දින Tokyo අගනුවරදී පැවැත්වෙන හිටපු ජපාන අගමැති Shinzo Abe ගේ ජාතික අවමංගල්‍ය උත්සවයට දකුණු කොරියානු රජය වෙනුවෙන් අගමැති Han Duck Soo සහභාගී වනු ඇත" යනුවෙන් එම නිවේදනයේ සටහන්ව තිබූ අතර ඔහුගේ අවමංගල්‍ය සංචාරය අතරතුරදී ජපානයේ ප්‍රබල දේශපාලන සහ ව්‍යාපාරික නායකයින් මෙන්ම දකුණු කොරියානු වැසියන් හමුවීමට ඔහු සැලසුම් කර ඇති බව අගමැති කාර්යාලය මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය . 

 

එමෙන්ම මෙලෙස ජපානය වෙත ළගා වීමට නියමිත දකුණු කොරියානු දූත පිරිසට ජාතික සභාවේ නියෝජ්‍ය කථානායක සහ පාලක ජනතා බලය පක්ෂයේ අන්තර්වාර නායක චුං Jin Suck ද ඇතුළත් වනු ඇති බවට මේ වන විට වාර්තා පල වී තිබේ . 

 

මෙම උත්සවයට සමගාමිව දකුණු කොරියානු ජනපති Yoon විසින් , වසර දෙකකට වැඩි කාලයකට පසු ආසියානු අසල්වැසියන් දෙදෙනා අතර පැවැත්වෙන පළමු සමුළුවට අඩිතාලමක් වශයෙන් එළැඹෙන සතියේ නිව්යෝර්ක් නගරයේදී  ජපාන අගමැති Kishida හමුවීමට සැලසුම් කර ඇති බවත් දකුණු කොරියානු රජය එදිනම ප්‍රකාශ කළේය.

88 Views

Comments