ජාතික පර්යේෂණ සහ නවෝත්පාදන ඒජන්සියේ වාර්තා වලට අනුව සියවස් ගණනාවක සංරක්ෂණ ප්රයත්නයන්ගේ ප්‍රතිඵලයක් ලෙස, ලොව විශාලතම මල ලෙස සැලකෙන සහ වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති Giant Padma නම් දුගඳ සහිත නෙළුම් මල තම ස්වභාවික වාසස්ථානයෙන් පිටත පිහිටි ඉන්දුනීසියානු උද්භිද උද්‍යානයකදී ලොව පළමු වරට පසුගිය සඳුදා දින සුපිෂ්පිත වී ඇති බව වාර්තා වේ .
සෙන්ටිමීටර 60 ක විෂ්කම්භයකින් යුත් මෙම පුෂ්පය වර්ෂ 1818 දී සොයා ගත් දා පටන් එහි ස්වභාවික වාසභූමියෙන් පිටත විශේෂය සංරක්ෂණය කිරීමට ගත් අප්‍රතිහත උත්සාහයන් මාලාවකින් පසුවය Jakarta හි තදාසන්න ප්‍රදේශයක පිහිටා ඇති Bogor උද්භිද උද්‍යානයේදී මෙලෙස පිපුණු අතර මෙහි විෂ්කම්භය සෙන්ටිමීටර 150 දක්වා ළඟා විය හැකි බව පැවැසේ .
මල් පිපෙන විට පැතිර යන දුර්ගන්ධය සඳහා ප්‍රසිද්ධව ඇති මෙම මළකුණු මලෙහි විද්‍යාත්මක නාමය Rafflesia arnoldii වන අතර මල් පොහොට්ටු කිහිපයකින් එකක් විවෘත වීම , එම ව්‍යාපෘතියේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙකු වන Sofi Mursidawati විසින් සිදුකළ වසර 16 ක වගා උත්සාහය සීමා කර ඇති බව සඳහන් වේ .