නීතිවිරෝධී මත්ද්‍රව්‍ය පානය කර මිය ගිය වියට්නාම ජාතික කාන්තාවකට සහය වීමට නොහැකි වීම හේතුවෙන් වියට්නාම ජාතිකයින් සිව් දෙනෙකු ටෝකියෝ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම පුද්ගලයින් සිව්දෙනා සහ 23 හැවිරිදි කාන්තාව MDMA නමැති කෘත්‍රිම මත්ද්‍රව්‍ය පානය කර ඇත්තේ පසුගිය මැයි මාසයේදී Bunkyo Ward හි ආපන ශාලාවකදීය.
කාන්තාව උග්‍ර මත්ද්‍රව්‍ය විෂ වීමේ රෝග ලක්ෂණ පෙන්නුම් කළ නමුත් ගිලන් රථයක් ඇමතීමට අපොහොසත් වී ඇති අතර ඇය කෑගසමින් ප්‍රචණ්ඩකාරී ලෙස ක්‍රියා කළ නිසා ඇයව පිටතට ගෙන ගොස් තෙත් තුවායක් කටට දැමූ බවත් ඔවුන් පවසා ඇත.
අවසානයේදී ඔවුන් ගිලන් රථයක් ඇමතුවත් ඒ වන විටත් කාන්තාව සිහිසුන්ව සිටි අතර ටික වේලාවකට පසු මිය ගොස් ඇත. ඔවුන් සිව්දෙනා එම ස්ථානයෙන් වහා පිටව ගොස් ඇත්තේ තමන් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිත කිරීම හෙළි වේ යැයි බිය වූ නිසා බව ඔවුන් පොලිසියට පවසා ඇත.