පසුගිය දිනෙක සයිටාමා ප්‍රාන්තයේ ෆුජිමිනෝ නගරයේ නිවෙසකට රෝගියකු පරික්ෂා කිරීම සඳහා ඇතුළු වූ වෛද්‍ය වරයෙකු සහ භෞත චිකිත්සක වරයෙකු එහි සිටි පුද්ගලයෙකු විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී. එම ප්‍රහාරයෙන් වෛද්‍යවරයා මියගිය අතර භෞත චිකිත්සකවරයා තවමත් රෝහලේ ප්‍රතිකාර ලබයි.
මෙකී සිදුවීමත් සමඟම ටෝකියෝ නගරය හා තදාසන්න නගරවල නිවාස වලට ගොස් රෝගීන් පරීක්ෂා කරන වෛද්‍ය කාර්ය මණ්ඩල හා සුළු සේවකයින් සිය ආරක්ෂාව සම්බන්ධයෙන් ටෝකියෝ ප්‍රාන්ත රජයෙන් වැඩපිළිවෙළක් ඉල්ලා තිබේ. පසුගිය වසර දෙකක කාලය පුරා මෙලෙස නිවාස වලට ගොස් රෝගීන් පරික්ෂා කරන කාර්ය මණ්ඩලය අදාල රෝගීන් ගේ සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ගේගේ අඩත්තේට්ටම් වලට ලක් වූ අවස්ථා පිළිබඳව වාර්තා වී ඇති බව සැලවේ. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ටෝකියෝ පොලිසිය සහ සමාජ සුභසාධන අංශ සෞඛ්‍ය සේවකයන් ආරක්ෂා කර ගැනීම සඳහා වඩා සවිමත් වැඩපිළිවෙලක අවශ්‍යතාවය ප්‍රාන්ත රජයට පෙන්වා දී තිබේ. ආරංචිමාර්ග සඳහන් කරන පරිදි ඉතා ඉක්මනින් පොලිසිය සහ සෞඛ්‍ය අංශ එක්ව නිවාස වලට ගොස් ප්‍රතිකාර කරන කාර්ය මණ්ඩල සඳහා නව ක්‍රියාමාර්ගයක් ගනු ඇති බව සැලවේ.