වාහන නිෂ්පාදකයින් හදිසි ත්වරණය පාලනය කිරීමට විශේෂාංග හඳුන්වා දෙයි.


වාහනවල හදිසි ත්වරණය පාලනය කිරීමට මෝටර් රථ සමාගම් විශේෂ ක්‍රමවේදයක් හඳුන්වා දෙයි

.

තිරිංග වෙනුවට ඇක්සලරේටරය වැරදීමකින් පෑගීම නිසා සිදුවන අනතුරු අවම කිරීමේ උත්සාහයක් ලෙස ජපාන මෝටර් රථ නිෂ්පාදකයින් නව ආරක්‍ෂිත විශේෂාංග හඳුන්වා දී ඇත. මෙයින් වාහනය පැයට කිලෝමීටර 30ක් දක්වා ධාවනය වන විට රියදුරෙකු හදිසියේ ඇක්සලරේටරය තද කළහොත් අනතුරු ඇඟවීමක් නිකුත් කරනු ඇත. 

 

එවිට පද්ධතිය හදිසි ත්වරණයට පෙර වාහනය ගමන් කළ වේගය තත්පර පහක් පවත්වා ගෙන ඉන් පසුත් පැයට කිලෝමීටර 30කට වඩා වැඩි වේගයක් යාමට ඉඩ නොදෙනු ඇත. 

 

ජපානයේ ජාතික පොලිස් ඒජන්සිය පවසා සිටින්නේ පසුගිය වසරේ වයස අවුරුදු 75 හෝ ඊට වැඩි රියදුරන් සම්බන්ධ මාරක රිය අනතුරු 308 ක් සිදුව ඇති බවයි. Toyota Motor විසින් සමහර වාහන Mazda සහ Daihatsu වලට සමාන ආරක්‍ෂිත විශේෂාංග වලින් සන්නද්ධ කිරීමට පටන් ගෙන ඇත.

Comments