ජපානයේ අගමැති කිෂිඩා ෆුමියෝ විසින් තනි කම්කරුවන් සඳහා පුනරුත්ථාපන වැඩසටහන් සඳහා යෙන් ට්‍රිලියන එකක් හෙවත් ඩොලර් බිලියන 7කට ආසන්න මුදලක් වැය කිරීමට සැලසුමක් ප්‍රකාශයට පත් කර ඇති අතර සඳුදා ආරම්භ සැසියකදී කිෂිඩා සිය ප්‍රතිපත්ති කථාව පවත්වා ඇත.
සැක සහිත අලෙවිකරණ භාවිතයන් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති කණ්ඩායම සමඟ සමහර නීති සම්පාදකයින් සම්බන්ධතා පවත්වන බව ඔහු පවසා ඇත. එලෙසම ඔහු පවසා ඇත්තේ ආත්මික විකුණුම් ලෙස හැඳින්වෙන පුරුද්දට ගොදුරු වූවන්ට උපකාර කිරීම සඳහා පාරිභෝගික නීති සංශෝධනය කිරීමට රජය සලකා බලන බවයි.
ඉදිරි මාස කිහිපය තුළ ඉහළ යාමට අපේක්ෂා කරන විදුලි බිල හේතුවෙන් ව්‍යාපාරවලට දැනෙන මූල්‍ය බර ලිහිල් කිරීමට ඔහු අදහස් කර ඇත. අමුත්තන් දුර්වල යෙන් ප්‍රයෝජනයට ගන්නා බැවින් විදේශීය සංචාරකයින්ගේ වාර්ෂික වියදම් දළ වශයෙන් ඩොලර් බිලියන 35 දක්වා වැඩි කිරීමට ද රජය අපේක්ෂා කර ඇත.