උතුරු කොරියානු මිසයිලයට දීර්ඝතම ගමනක් යාමට ඉඩ සලසන පථයක් ඇති බවට අනුමාන කෙරේ


උතුරු කොරියානු මිසයිලයේ ගමන් පතේ පිළිබඳව අනුමාන අදහස් පළ කෙරේ

.

උතුරු කොරියාව විසින් දියත් කරන ලද නවතම මිසයිලය ගමන් දුර උපරිම කරන පථයක පියාසර කරන්නට ඇතැයි ජපාන ආරක්ෂක නිලධාරීහු පවසා ඇත. අඟහරුවාදා උතුරු ජපානය හරහා ගමන් කළ බැලස්ටික් මිසයිලයේ ගමන් පථය ආරක්ෂක අමාත්‍යාංශය විසින් විශ්ලේෂණය කර ඇත. 

 

එය කිලෝමීටර් 1000ක පමණ උන්නතාංශයකට ළඟා වූ අතර කිලෝමීටර් 4,600ක පමණ දුරක් පියාසර කළ බවත් එය උතුරු කොරියානු මිසයිලයක් සඳහා වාර්තාගත දුරක් බවත් බලධාරීන් පවසයි. එයට අතරමැදි හෝ දිගු පරාසයක් ඇති බව ඔවුහු සඳහන් කර ඇත. 

 

මිසයිලය අතරමැදි දුරක් තිබුනේ නම්, එය ගමන් දුර උපරිම වන අවම බලශක්ති පථයක පියාසර කිරීමට ඉඩ ඇති බව නිලධාරීන් පෙන්වා දෙයි. ඔවුන් එසේ පවසා සිටින්නේ එය කිලෝමීටර් 2000 කට වඩා වැඩි දුරක් පියාසර කිරීමෙන් පසු ඉහළම උන්නතාංශයට ළඟා වී ඇති  බැවිනි.

133 Views

Comments