තායිවාන සංචාරයෙන් පසු ජපාන අගමැති හමුවූ එක්සත් ජනපද සභානායිකාව


Kishida හා pelosi අතර සාකච්ඡා සාර්ථකව නිමවේ

.

සිංගප්පූරුව, මැලේසියාව, තායිවානය සහ දකුණු කොරියාව වෙත සිදුකළ දීර්ඝ සංචාරයකින් අනතුරුව එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායිකා Nancy Pelosi අගෝස්තු 5 වන සිකුරාදා දින තම සංචාරයේ අවසන් අදියර සනිටුහන් කරමින් ජපානය වෙත ළගා වූ අතර එහිදී ජපාන අග්‍රාමාත්‍ය Fumio Kishida සහ එතුමිය අතර ද්විපාර්ශවික සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වේ. 

 

මෙහිදී නායකයින් දෙදෙනා තායිවාන් සමුද්‍ර සන්ධියේ සාමය සහ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා ඒකාබද්ධව කටයුතු කිරීමට එකඟ වී තිබේ. Pelosi විසින් ස්වයං පාලිත දූපතට සිදුකළ සංචාරය හේතුවෙන් ඇගේ ගුවන් යානය ජපානයට ළඟා වීමට පැය කිහිපයකට පෙර, චීනය අවම වශයෙන් බැලස්ටික් මිසයිල නවයක් පමණ එල්ල කළ බවත් ඉන් පහක් ජපානයේ සුවිශේෂී ආර්ථික කලාපය තුළට වැටුණු බවත් ජපානය නිවේදනය කළේය. 

 

සාකච්ඡා අතරතුරදී Kishida කියා සිටියේ "චීනයේ හැසිරීම අපි දැඩි ලෙස හෙළා දකින අතර ජපානයට තර්ජනයක් වන මෙම ප්‍රහාරය මගින් කලාපයේ සහ ඉන් ඔබ්බෙහි ප්‍රදේශවල සාමයට මෙන්ම ස්ථාවරත්වයට බරපතල ලෙස බලපෑමක් සිදු කරන බවයි. එමෙන්ම  අපි සියලු දෙනාම තායිවාන් සමුද්‍ර සන්ධියේ සාමය සහ ස්ථාවරත්වය පවත්වාගෙන යාමට එක්ව කටයුතු කරන බව  මෙහිදී තහවුරු කරන්නෙමු " යනුවෙනි.

149 Views

Comments