පර්යේෂකයන් පාකින්සන් රෝගය සඳහා ජාන චිකිත්සාව අත්හදා බැලීම ආරම්භ කරයි.


පාකින්සන් රෝගය පිළිබඳ ජාන බලපෑමක් තිබේදැයි පර්යේෂක වරුන් සොයා බලයි

.

ජපානයේ පර්යේෂකයන් රෝගියෙකුට ජාන එන්නත් කිරීමෙන් පාකින්සන් රෝගය සඳහා ප්‍රතිකාරයක් පිළිබඳ අත්හදා බැලීමක් ආරම්භ කර ඇත. මෙම ප්‍රතිකාර ක්‍රමයේ මෙරට පළමු සායනික අත්හදා බැලීම මෙය බව වාර්තා වේ. ජිචි වෛද්‍ය විශ්වවිද්‍යාල රෝහලේ කණ්ඩායමක් සඳුදා අත්හදා බැලීම ආරම්භ කර ඇත. 

 

මෙම කණ්ඩායම පුද්ගලයෙකුගේ මොළයට කෙලින්ම ජාන එන්නත් කර ඇත.එමඟින් ශරීරයේ අනෙකුත් කොටස්වලට සංචලතා සංඥා යවන මොළයේ රසායනයක් වන ඩොපමයින් නම් රසායනිකය නිපදවීමට ශරීරය උත්තේජනය කරයි. 

 

ප්‍රතිකාරයේ ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව පරීක්ෂා කිරීම සඳහා රෝගීන් 12 දෙනෙකු ඉදිරි වසර තුළ නිරීක්ෂණය කිරීමට නියමිතය. එය නව ප්‍රතිකාර ක්‍රමයක් ලෙස භාවිත කිරීමට අනුමැතිය ලබාගැනීමට අපේක්ෂා කරන බව විද්‍යාඥයෝ පවසති.

66 Views

Comments