ජපානයේ ප්‍රදේශ කිහිපයකට දරුණු හිම පතන


ජපන් මුහුද ආශ්‍රිත ප්‍රදේශ ගණනාවකට මේ වන විට වාර්තාගත ලෙස ඉහළ හිම පතනයක් සිදුවී ඇත. කාලගුණ දෙපාර්තමේන්තු නිල??

.

ජපන් මුහුද ආශ්‍රිත ප්‍රදේශ ගණනාවකට මේ වන විට වාර්තාගත ලෙස ඉහළ හිම පතනයක් සිදුවී ඇත. කාලගුණ දෙපාර්තමේන්තු නිලධාරීන් පවසන ආකාරයට එම ප්‍රදේශවල  ප්‍රවාහනයට දැඩි ලෙස බාධා විය හැකි අතර  හිම සම්බන්ධ අනතුරුවලට ද ලක් වීමට ඉඩ ඇති බැවින්  එම ප්‍රදේශවල ගමන් ගන්නා සහ වෙසෙන ජනතාව  ඉතා පරීක්ෂාකාරී විය යුතු බව දන්වා ඇත.

 

කාලගුණ දෙපාර්තමේන්තුව මගින් දන්වා ඇති  පරිදි ශීත ඍතුවේ ඇතිවූ  වායු පීඩන රටාව සහ  අධික සීතල වායු ධාරා   මෙලෙස දැඩි හිම පතනයක් සිදුවීමට හේතු වී ඇත . මෙම අධික හිම පතනය හේතුවෙන්  ඇතැම් ප්‍රදේශවලට වර්ෂ ගණනාවකට පසුව  පතිත වුණු  ඉහළම හිම පතනය වාර්තා වී ඇත.

 

සදුදා දින උදෑසනද මෙලෙසම තවත් ප්‍රදේශවලට පතන සිදුවිය හැකි බැවින් ජනතාවට විදුලිය විසන්ධි වීම් , හිම කඳු කඩාවැටීම් සහ අනිකුත් ඇතිවිය හැකි අනතුරු පිළිබඳව  සැලකිලිමත් වන ලෙස  තවදුරටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා තිබේ.

219 Views

Comments