37 හැවිරිදි පුතාගේ මරණය සම්බන්ධයෙන් දෙමව්පියන් අත්අඩංගුවට


තම තිස්හත් හැවිරිදි පුතා  අත් විලංගු යොදා  නීති විරෝධී ලෙස සිරකර තබාගෙන සිටීමේදී මිය යෑමේ වරදට  කනගාවා ප්‍රාන

.

තම තිස්හත් හැවිරිදි පුතා  අත් විලංගු යොදා  නීති විරෝධී ලෙස සිරකර තබාගෙන සිටීමේදී මිය යෑමේ වරදට  කනගාවා ප්‍රාන්තය  කවසාකි නගරයේ  මව,පියා සහ ඔවුන්ගේ දියණිය එම ප්‍රාන්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

 

දෙමව්පියන් පවසන ආකාරයට ඔහු පාසල  හැර ගිය පුද්ගලයෙක් වන අතර පසුව  නිවස තුළටම වී  ජීවත් වීම ආරම්භ කර ඇත. මෙම දෙමව්පියන්ව ඔහු විසින් ශාරීරික වද හිංසා වලට ද ලක් කර තිබුණි. පසුව ඔහු නිර්වස්ත්‍රව ජීවත් වීම ආරම්භ කර ඇත.පසුගිය දිනෙක  ඔහු නිර්වස්ත්රව නිවසින් පිටවීම  සමඟ ඒ අවට මහත් කලබලයක් ඇති වී තිබේ.ඒ හේතුවෙන්  පවුලේ සාමාජිකයන් ඔහුව නිවස තුළ සිර කර තිබේ.සැප්තැම්බර් 6 වනදා  Naoki නම් හැත්තෑ පස් හැවිරිදි  පියා විසින් තම පුතා නිවස තුළ  මියගොස්  සිටින බව පොලිසියට සැළ කර තිබුණි. 

 

 

පොලිසිය පවසන ආකාරයට  මෙම දෙමව්පියන් විසින්  ඔහුව අත් විලංගු යොදා පාද ලණුවකින් බැඳ  2021  වර්ෂයේ මැයි මස 4 වන දා සිට  සැප්තැම්බර් 06 වන දා දක්වා එසේ සිරකරගෙන තබා ඇත. කෙසේ වෙතත් ඔහුගේ මරණය අදාල පුද්ගලයන් තිදෙනාම අත්අඩංගුවට ගෙන ඇති අතර පියා වරද පිළිගත්තද මව හා දියණිය චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

253 Views

Comments