ජපානයේ විදේශ අමාත්‍යාංශය විදේශ සංචාර සඳහා කොරෝනා වයිරස් ආසාදන අනතුරු ඇඟවීම අඩු කර ඇත. අමාත්‍යාංශය බදාදා සිය සිව් මට්ටමේ අනතුරු ඇඟවීමේ පද්ධතිය සංශෝධනය කළ අතර ලෝකයේ සියලුම ප්‍රදේශ අවදානම පහළම මට්ටමට පත් කර ඇත.
පලමු මට්ටමේ ගමනාන්ත වෙත ගමන් කිරීමේදී ප්‍රවේශම් වන ලෙස තවමත් ජනතාවගෙන් ඉල්ලා සිටී. සංශෝධනයට පෙර රටවල් සහ ප්‍රදේශ 76 ක් 2 මට්ටමේ පැවතිණි. එම මට්ටමේ ගමනාන්ත වෙත අත්‍යවශ්‍ය නොවන සංචාරවලින් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.
ලොව පුරා ආසාදන තත්ත්වයන් සාමාන්‍යයෙන් වැඩිදියුණු වෙමින් පවතින බැවින් සහ සෙසු ජාතීන් හතේ කණ්ඩායම තවදුරටත් රටවල් සහ ප්‍රදේශ සඳහා එවැනි අනතුරු ඇඟවීමේ මට්ටම් නම් නොකරන බැවින් එය අනතුරු ඇඟවීමේ මට්ටම අඩු කළ බව අමාත්‍යාංශය පවසා ඇත.