ජංගම දුරකථනයෙන් ක්‍රීඩා කරමින් රිය පැදවූ අයෙක් පොලිස් දැලේ


ඔහු 45-හැවිරිදි හිටපු රජයේ උසස් පාසැල් ගුරුවරයෙකි.

.

Nagoya හි Nishi-ku හි 45-හැවිරිදි හිටපු රජයේ උසස් පාසැල් ගුරුවරයෙකු නොසැලකිලිමත් ලෙස රිය පදවා අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු ස්මාර්ට් ජංගම දුරකතනයේ ක්‍රීඩාවක් කරමින් රිය පදවා ඇති බව වාර්තා වේ.

අනතුර සිදු වූ දින ඔහු කියා සිටියේ නිවසට යන අතරමගදී ක්‍රීඩා කරමින් තමා රිය පදවාගෙන ගිය බවත් පදික මාරුව හරහා පාපැදියක් එගොඩ වන බව නොදැක්ක නිසා මාරක අනතුර සිදු වූ බවත්ය.

කෙසේනමුත් මෙම අනතුරින් පාපැදිකරුවෙකු වූ 55 හැවිරිදි ෂින්යා ටකගායි ජීවිතක්ෂයට පත්විය.

132 Views

Comments