ඉන්දුනීසියාවේ වකුගඩු ආබාධවලින් ළමා මරණ 99ක් වාර්තා වෙයි.


ඉන්දුනීසියාවෙ වකුගඩු ආබාධවලින් මියයන ළමුන්ගේ ප්‍රමාණය වැඩිවෙයි

.

ඉන්දුනීසියාවේ රජය පවසා සිටින්නේ මේ වසරේ උග්‍ර වකුගඩු ආබාධ හේතුවෙන් ළමුන් 99 දෙනෙකු මිය ගොස් ඇති අතර එම මරණවලට හේතුව යැයි සැකකෙරෙන ඖෂධ සිරප් අලෙවිය තහනම් කර ඇති බවයි. 

 

ඉන්දුනීසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය බදාදා ප්‍රකාශ කර සිටියේ ළමුන් අතර හදිසි වකුගඩු ආබාධ 206 ක් ඔක්තෝබර් 18 වන විට හඳුනාගෙන ඇති බවයි. මියගිය දරුවන් 99 දෙනාගෙන් බොහෝ දෙනෙක් වයස අවුරුදු 5 ට අඩු අය වේ. 

 

බලධාරීන් පවසා සිටින්නේ උග්‍ර වකුගඩු ආබාධ ඇති කළ හැකි අමුද්‍රව්‍ය ළමයින්ට ලබා දුන් සිරප් වල තිබී ඇති බවයි. සියලුම ඖෂධ සිරප් වර්ග සඳහා බෙහෙත් වට්ටෝරු සහ අලෙවිය අත්හිටුවන ලෙස රජය නියෝග කර ඇත

Comments