බිරිද ඝාතනය කිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි පුද්ගලයා සියදිවි නසාගනී.


බිරිඳ ඝාතනය කළ පුද්ගලයාගේ සිරුර හමුවේ

.

මේ මස මුලදී කියෝතෝ ප්‍රාන්තයේ උජිහිදී තම බිරිඳ ඝාතනය කළ බවට සැකපිට පොලිසියට අවශ්‍යව සිටි පුද්ගලයකුගේ සිරුර ඔසාකා ප්‍රාන්තයේ හිරකාටා ප්‍රදේශයේ ගංගාවක තිබී හමුවී ඇත. එය සියදිවි නසා ගැනීමක් බව පොලිසිය පවසයි. 

 

පොලිසිය පවසන පරිදි ඔක්තෝබර් 17 වන දින යෝඩෝගාවා ගඟ අද්දර තිබී සොයාගත් පුද්ගලයාගේ සිරුර බ්‍රහස්පතින්දා හඳුනාගෙන ඇත. ඔහුගේ බිරිඳ අකිකෝගේ මරණය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අවශ්‍යව සිටි සමාගමේ සේවකයෙකු වන ටෙට්සුයා ඔකිමුරා බව පොලිසිය හදුනාගෙන ඇත. 

 

මෙම පුද්ගලයා ඔක්තෝම්බර් 12 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී සවස 5.30ට පමණ දියේ ගිලී මිය ගොස් ඇති බවත්, ඔහු ගඟට පැන ඇති බවට විශ්වාස කරන බවත් මරණ පරීක්ෂණයෙන් හෙළි වූ බව පොලිසිය පවසා ඇත.

64 Views

Comments