හොකයිඩෝහි සිදුවූ මාරාන්තික බෝට්ටු අනතුරෙන් මාස 6 කට පසුවත් සෙවීම දිගටම කරගෙන යයි.


හොකයිඩෝ බෝට්ටු අනතුරේ සෙවීම් තවදුරටත් සිදු වෙයි

.

උතුරු ජපානයේ හොකයිඩෝ ප්‍රාන්තයට ඔබ්බෙන් වූ නැරඹුම් යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් මාස හයකට පෙර අතුරුදන් වූ පුද්ගලයන් සොයා ජපාන වෙරළාරක්ෂක බළකාය සහ පොලිසිය අඛණ්ඩව මෙහෙයුම් සිදු කරයි. 

 

නිලධාරීන් සිකුරාදා අර්ධද්වීපය කෙළවරේ දැඩි සෝදිසි කිරීමක් ආරම්භ කර ඇත. කාලගුණය යහපත් වූ විට කිමිදුම්කරුවන් දිය යට සෙවීමක් ආරම්භ කිරීමට නියමිතයි. සෙනසුරාදා වන විට සොයාගත් අස්ථි වැනි වස්තූන් දහසයක් පිළිබඳ DNA පරීක්ෂණ සිදු කරනු ඇත. 

 

වෙරළාරක්ෂක නිලධාරීන් ගලවාගත් නෞකාව පරීක්ෂා කිරීමෙන් සහ මේ වන විට ගොඩගත් ඉලෙක්ට්‍රොනික උපාංගවල දත්ත යථා තත්ත්වයට පත් කිරීමෙන් අනතුරට හේතුව හඳුනා ගැනීමට උත්සාහ කරයි. ජපාන ගමනාගමන ආරක්ෂක මණ්ඩලයද මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වයි.

64 Views

Comments