ජපාන වෙළෙඳපොළ වර්ධනය වෙන ලකුණු


වසංගතයෙන් පසු ජපාන වෙළෙඳපොළ වර්ධනය වෙන ලකුණු මතු වෙයි

.

ජපාන දෙපාර්තමේන්තු ගබඩාවල විකුණුම් සැප්තැම්බර් මාසයේ දී අඛණ්ඩව වර්ධනය වූ අතර එය අඛණ්ඩව හත්වන මාසයටත් ඉහළ ගොස් ඇත. ස්වර්ණාභරණ, චිත්‍ර සහ අනෙකුත් සුඛෝපභෝගී භාණ්ඩ අලෙවිය වේගවත් වී ඇති අතර ශීත ඍතු ඇඳුම් සඳහා ඇති ඉල්ලුම ඉහළ නැංවීමට ශීත ඍතුව උපකර වී ඇත. 

 

රජය විසින් කොවිඩ්-19 සීමා කිරීම් වලින් පසුව මාසය තුළ සාප්පු සවාරි යන්නන් විශාල ප්‍රමාණයක් එහි නිරතව ඇත. රජය විසින් දේශසීමා ඇතුළුවීමේ සීමාවන් කිහිපයක් ලිහිල් කිරීමෙන් පසු බොහෝ විදේශීය සංචාරකයින් එහි පැමිණ ඇත. 

 

ටෝකියෝ හි තීරුබදු රහිත විකුණුම් වසරකට පෙර සිට දළ වශයෙන් තුන් ගුණයකින් හෝ පස් ගුණයකින් වර්ධනය වී තිබේ. සංගමයේ නිලධාරීන් පවසන්නේ එම මට්ටමට යථා තත්ත්වයට පත්වීම සඳහා චීනයෙන් සංචාරකයින් විශාල පරිමාණයෙන් ආපසු පැමිණීම අවශ්‍ය වන බවයි.

155 Views

Comments