මහා පරිමාණ පරිත්‍යාග වැලැක්වීමට පනත් කෙටුම්පතක්


අදාල පනත් කෙටුම්පතට පක්ෂව විශාල පිරිසක් එකඟතාව පල කර තිබෙනවා.

.

අද(10) පැවති පාරිභෝගික ගැටළු පිළිබඳ මන්ත්‍රී මණ්ඩලයේ විශේෂ කමිටුවේදී ලෝක සාමය හා එකමුතුකම සඳහා වූ පවුල් සම්මේලනයේ (හිටපු එකමුතු පල්ලිය) ගැටලුව පිලිබඳ සාකච්ඡා වී තිබෙනවා.

ඒ අනුව පල්ලිය සඳහා ලබාදෙන විශාල පරිත්‍යාග වලින් සිදුවන හානිය වැළැක්වීම සඳහා පනත් කෙටුම්පතක් යෝජනා කිරීමටද මෙහිදී එකඟතාවයකට පැමිණ තිබෙනවා.

මෙම අවස්ථාවට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, නිව් කොමේටෝ පක්ෂය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ ජපන් නවෝත්පාදන පක්ෂය එක් වුණා.

රැස්වීමේදී අදාල පනත් කෙටුම්පතට පක්ෂව විශාල පිරිසක් එකඟතාව පලකල අතර එය මන්ත්‍රී මණ්ඩලයේ පූර්ණ සැසිවාරයට ඉදිරිපත් කර එදිනම සම්මත කර බලාත්මක කිරීමට නියමිතයි.

 

168 Views

Comments