පා පැදි නීතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ටෝකියෝ පොලිසිය දැඩි පියවර ගනී


බරපතල අනතුරු වැලැක්වීමේ ප්‍රයත්නයේ කොටසක් ලෙස මෙය ක්‍රියාත්මක වේ

.

මීට පෙර, බයිසිකල් සම්බන්ධ නීති උල්ලංඝනය කිරීම් වර්ග හතරක් සඳහා පොලිසිය අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

වේගය අඩු නොකර පදික වේදිකාවල පැදීම, මාර්ගයේ වැරදි පැත්තේ ගමන් කිරීම, මාර්ග සංඥා නොසලකා හැරවීම සහ නැවතුම් පුවරු වල නතර නොකිරීම මේ අතරට අයත් වේ.

අද ප්‍රාදේශීය පොලිස් නිලධාරීන් ටෝකියෝ හි මිනාමි-ඉකෙබුකුරෝ හි මංසන්ධියක මුර සංචාරයේ යෙදී සිටි අතර, පාපැදි කරුවන් නීති පිළිපැදීම නිරීක්ෂණය කර ඇත. 

පාපැදි භාවිතා කරන්නන්ට ආරක්‍ෂිතව ගමන් කරන ලෙස ඉල්ලා පත්‍රිකා ද නිලධාරීන් විසින් බෙදා දෙන ලදී.

127 Views

Comments