පැතිර යන කොරෝනා රැල්ල තවමත් පාලනය කරගත නොහැකි වූ හෙයින් මෙම සතියේ මුල් භාගයේ දී ජපානය තුල පනවා ඇති හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කිරීමට සිදුවනු ඇතැයි ආරංචි මාර්ග පවසයි.
පසුගිය ඉරිදා දින වාර්තාගත ලෙස කොරෝනා ආසාදිතයන් 17,526ක් වාර්තා වීම හේතුවෙන් මෙම තීරණය පිළිබඳ කරුණු ජපන් අගමැතිවරයා හා සෞඛ්‍ය අමාත්‍යවරයා අතර සාකච්ඡා වී ඇත. එහිදී අගමැති තුමා වැඩිදුරටත් අමාත්‍යවරයාට උපදෙස් දී තිබුණේ තෙවැනි මාත්‍රාව ලෙස booster එන්නත ලබාදීම හැකිතරම් වේගයෙන් සිදු කරන ලෙසයි.
ටෝකියෝ ඇතුළු අනෙකුත් ප්‍රාන්ත 12 පුරා මෙම හදිසි තත්ත්වය තවත් සති 2 කට හෝ මෙමස අග වනතුරු දීර්ඝ කිරීමට සාකච්ඡා සිදුවී තිබේ.