ඔබටත් ජපානයේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට අවශ්‍ය ද?


ඔබේ වයස මේ සඳහා ගැටලුවක් නොවේ

.

ඔබේ ප්‍රථම උපාධිය සඳහා ජපන් විශ්ව විද්‍යාලයකට ඇතුලත් වීමට අවශ්‍ය නම් මූලිකවම ඔබ ජපන් භාශා ප්‍රවීනතා විභාගයේ(JLPT) N2 මට්ටමට අදාල දැනුම ඔබට තිබිය යුතුය.

EJU(The Examination for Japanese University Admission for International Students) 

ජපානයේ පවතින බොහොමයක් විශ්වවිද්‍යාල වලට ඇතුලත් වීම සඳහා මෙම විභාගයට මුහුණ දීම අනිවාර්ය වේ. මෙය තරමක් අසීරු විභාගයකි. මෙම විභාගයට වැඩි ලකුණු ලබා ගනිමින් සමත් වන සිසුන් සඳහා ජපානයේ විශ්වවිද්‍යාල වලින් ශිශ්‍යත්ව පිරිනැමීමද සිදු වේ. EJU විභාගය සෑම වසරකම ජූනි සහ නොවැම්බර් මාසයේ පවත්වයි. 

EJU විභාගය පවත්වන රටවල් කිහිපයක් ඇත. ඒවා නම්,

හොංකොං
ඉන්දියාව
ඉන්දුනීසියාව
මැලේසියාව
මොංගෝලියාව
මියන්මාරය
පිලිපීනය
කොරියානු ජනරජය
සිංගප්පූරුව
ශ්‍රී ලංකාව 
තායිවානය
තායිලන්තය
වියට්නාමය වේ.

මෙම විභාගය පිලිබඳ වැඩිදුර විස්තර දැන ගැනීමට පහත සබැඳිය භාවිතා කරන්න.

https://www.jasso.go.jp/en/ryugaku/eju/index.html

 
182 Views

Comments