Tokiyo හි නවතම  Covid තතු


මාර්තු 20 දින ටෝකියෝ හි Covid-19  රෝගීන් ගණන 6502 ක් ලෙස තහවුරු කල අතර එය පෙර ඉරුදිනට වඩා 1629 ක් අඩු බව වාර්තා විය. අඛණ්ඩව සි?

.

මාර්තු 20 දින ටෝකියෝ හි Covid-19  රෝගීන් ගණන 6502 ක් ලෙස තහවුරු කල අතර එය පෙර ඉරුදිනට වඩා 1629 ක් අඩු බව වාර්තා විය. අඛණ්ඩව සිව්වන දිනටත් නව රෝගීන් වාර්තා වීම 10,000 ට වඩා අඩු මට්ටමක පවතින බව මෙට්‍රොපොලිටන් සෞඛ්‍ය සංවිධානයේ නවතම දෛනික ගණනය අනුව සොයාගෙන ඇත.

 

  මාර්තු 20 සිට සතිය තුළ නව රෝගීන්ගේ සාමාන්‍ය 7589.3 දක්වා පැමිණ ඇති අතර එය පෙර සතියේ සංඛ්‍යාවෙන් 87.1% නියෝජනය කරන බව නිලධාරීහු පැවසූහ. නව රෝගීන්ගෙන් වයස අවුරුදු  1 ත් 9 ත් අතර රෝගීන් සංඛ්‍යාව 1284 ක් වන අතර එය විශාලතම රෝගීන් සහිත වයස් කාණ්ඩය වේ.

 

Metropolitan සෞඛ්‍ය සංවිධානය බරපතළ රෝගීන් ලෙස නිර්වචනය කර ඇත්තේ ශ්වසන යන්ත්‍ර හෝ ECMO හෘද පෙනහළු බයිපාස් යන්ත්‍ර මත සිටින රෝගීන්ය.  එවැනි රෝගීන් 46 ක් පමණ දැනට  වාර්තා වේ.

113 Views

Comments