ඊයේ(05) පස්වරු 1.40ට පමණ Shizuoka ප්රාන්තයේ Izu City හි දී මගී මෝටර් රථයක් ප්රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
මෝටර් රථයේ මගී අසුනේ වාඩි වී සිටි කාන්තාව ප්රපාතයේ ගස් අතර මියගොස් සිටියදී සොයාගෙන ඇති අතර රියදුරු අසුනේ සිටි ඇයගේ ස්වාමි පුරුෂයා බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය කාන්තාව Shizuoka නගරයේ Aoi වෝඩ් ප්රදේශයේ 65 හැවිරිදි අයෙක්.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳව පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.