දුම්පානයට ජපන් ජනයාගේ විරෝධය


ජපානයේ වයස අවුරුදු 18 සහ ඊට වැඩි පුද්ගලයින්ගෙන් සියයට 83%ක් පමණ දුම්කොළ දුම අප්‍රසන්න ලෙස සලකන බව මෑත කාලීන රජය විසින් කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

.

ජපානයේ වයස අවුරුදු 18 සහ ඊට වැඩි පුද්ගලයින්ගෙන් සියයට 83%ක් පමණ දුම්කොළ දුම අප්‍රසන්න ලෙස සලකන බව මෑත කාලීන රජය විසින් කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. 

සමීක්ෂණය අගෝස්තු සහ සැප්තැම්බර් අතර වැඩිහිටියන් 3,000ක් යොදාගනිමින් අන්තර්ජාලය ඔස්සේ සිදුකර ඇති අතර ඉන් 1,556 දෙනෙක් වලංගු ප්‍රතිචාර ලබා දී තිබුණා.

ඒ අනුව මෙම පිරිසෙන් 48%කට පමණ අවශ්‍ය වූයේ දුම්පානයට එරෙහිව නීති දැඩි කිරීමටයි. එමෙන්ම ඔවුන්ගෙන් ආසන්න වශයෙන් 60% ක් ඉල්ලා සිටියේ වෙනත් ප්‍රදේශ අතර වීදිවල සහ උද්‍යානවල එළිමහන් දුම්පානය කරන ස්ථාන අඩු කරන ලෙසයි.

 

135 Views

Comments