පසුගිය දා ජපාන ආගමන විගමන කාර්යාලයක රඳවා සිටියදී ශ්‍රී ලාංකික කාන්තාවක් මියයාමේ සිදුවීමෙන් අනතුරුව, සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු නිත්‍ය ලෙස ආගමන විගමන කාර්යාල වල සේවයට රඳවා තැබීමේ වැදගත්කම සම්බන්ධ වාර්තාවක් පසුගියදා නිකුත් කර තිබිණි.
කෝබේ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Shigeki Sakamoto විසින් සකස් කරන ලද මෙම වාර්තාව ඊයෙ ජපන් අධිකරණ අමාත්‍ය Yoshihisa Furukawa වෙත භාර දෙන ලදී. විශ්මා සදමාලී නම් ශ්‍රී ලාංකික කාන්තාව නගෝයා හි ප්‍රාදේශීය ආගමන විගමන මධ්‍යස්ථානයක් තුළ රඳවා සිටියදී මියයාමේ සිද්ධියට අදාළව, ජපාන සෞඛ්‍ය අංශ වෙත ඍජුවම චෝදනා එල්ල වූයේ, ජපානය පුරා පිහිටි ආගමන විගමන කාර්යාල වල කිසිදු සෞඛ්‍ය පහසුකමක් නොමැති බවයි. මෙකී වාර්තාව මඟින් රජයට යෝජනා කර ඇත්තේ පැය 24 පුරාම සේවයට යොමු වන පරිදි නිත්‍ය වෛද්‍යවරයෙකුව මෙම මධ්‍යස්ථාන වල රඳවා තැබීම වහා සිදුකළ යුතු බවයි.