තම බිරිඳට පහර දුන් ජපානයේ ආත්මාරක්ෂක බලකායේ (එස්ඩීඑෆ්) සාමාජිකයෙකු ඊයේ(07) Shizuoka ප්රාන්තයේ Hamamatsu හි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු ඊයේ සවස 5:20 ට පමණ තම බිරිඳගේ මුහුණට පයින් පහර දී ඇති අතර බිරිඳ නිවසින් පිටතට දිව ගොස් පොලිසියට කතා කරන ලෙස අසල්වැසියෙකුගෙන් ඉල්ලා සිට ඇති බවයි වාර්තා වන්නේ.
පොලීසිය පැවසුවේ කාන්තාවට බරපතල තුවාල සිදුව නොමැති බවයි.
අදාල සැකකරු Takahito Ono නම් 29 හැවිරිදි Hamamatsu ගුවන් ආත්මාරක්ෂක හමුදා කඳවුරේ සෙබලෙක්.