සංවිධානවලට පරිත්‍යාග සිදුකිරීමට අදාල පනත් කෙටුම්පත අර්ධ වශයෙන් සංශෝධනයට පියවර


මෙම පනත් කෙටුම්පත ලබන 06 වැනිදා පාර්ලිමේන්තුවේ පූර්ණ සැසිවාරයේදී සාකච්ඡා කිරීමට ආණ්ඩු පක්‍ෂ සහ විපක්ෂය එකඟ වී තිබෙනවා.

.

ආගමික ස්ථාන සඳහා සිදුකරන විශාල පරිත්‍යාග වලින් සිදුවන හානිය වැළැක්වීම සඳහා වන පනත් කෙටුම්පත අර්ධ වශයෙන් සංශෝධනය කිරීමට රජය සහ පාලක පක්ෂය තීරණය කර තිබෙනවා.

ඒ අනුව යම් සංස්ථාවක් හෝ සංවිධානයක් පරිත්‍යාග ඉල්ලා සිටින විට රජයේ නිර්දේශ අනුගමනය නොකරන්නේ නම් සංස්ථාවේ හෝ සංවිධානයේ නම ප්‍රසිද්ධ කරනු ඇත.

මෙම පනත් කෙටුම්පත ලබන 06 වැනිදා පාර්ලිමේන්තුවේ පූර්ණ සැසිවාරයේදී සාකච්ඡා කිරීමට ආණ්ඩු පක්‍ෂ සහ විපක්ෂය එකඟ වී තිබෙනවා.

ආණ්ඩු පක්ෂය විසින් සංශෝධිත පනත් කෙටුම්පත අද(05) පස්වරුවේ විපක්ෂයට ඉදිරිපත් කිරීමට නියමිතයි.  ලබන 10 වැනිදා සැසිවාරය අවසන් වන විට පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා හැකිතාක් විරුද්ධ පක්ෂවල අවබෝධය ලබා ගැනීමට ආණ්ඩු පක්ෂය බලාපොරොත්තු වන බවද වාර්තා වනවා.

103 Views

Comments