වසර 12ක සේවය සපිරූ ආරක්ශක අංශ සාමාජිකයන්ට ජපන් රැකියා අවස්ථා


නිල ජපන් සංචාරය 2022

වසර 12ක සේවය සපිරූ ආරක්ෂක අංශ සාමාජිකයන්ට ජපානයේ රැකියා අවස්ථා SSW කාණ්ඩය යටතේ දැනට විවෘත කර නොමැති ඉදිකිරීම් අංශය ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයන් හට ද විවෘත කරදෙන ලෙසත්, ආරක්ෂක අංශයන්හි අවුරුදු 12ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති මෙරට තරුණ තරුණියන්ට ජපානයේ රැකියා අවස්ථා සලසා දීමට විශේෂ අවධානය යොමු කරන ලෙසත් සිය ජපන් නිල සංචාරය අතරතුර අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කළ ඉල්ලීමට ජපානයෙන් සාධනීය ප්‍රතිචාර ලැබී තිබේ.

ඒ අනුව ඉදිකිරීමේ ක්ෂේත්‍රයට අදාළ ව මෙරට තරුණ තරුණියන් පන්දහසක් සදහා පුහුණු අවස්ථා සලසා දීමටත්, දැනට බත්තරමුල්ල යුධ හමුදා මූලාස්ථානය ඇතුළු ඉදිකිරීම් අංශයේ සේවය කරණ ආරක්ෂක අංශ සාමාජිකයන්හට එකී ව්‍යාපෘති අවසන් වීමෙන් අනතුරු ව සේවා කාලය සම්පූර්ණ කර ඇත්නම් ජපානයේ ඉදිකිරීම් අංශයේ රැකියා අවස්ථා ලබා දීමටත් ජපානයේ ඉදිකිරීම් සංගමයේ (Construction Association in Japan)එකගතාව ලැබී ඇත. මෙම එකගතාවය අමාත්‍යවරයාගේ ජපන් නිල සංචාරය අතරතුර දී ම ලබා දීමට ද ජපානයේ ඉදිකිරීම් සංගමය කටයුතු කර තිබේ.

මේ සදහා ජපානයේ ඉදිකිරීම් සංගමය මෙරට තුළ ඉදිකිරීම් අංශයේ පුහුණු කිරීම් සදහා පුහුණු පරිශ්‍රයක් ස්ථාපිත කිරීමටත්, එහි දී ප්‍රායෝගික ව ම ඉදිකිරීම් පුහුණුව ලබා දීමටත් කටයුතු කිරීමට නියමිත ව ඇත. මෙහි පුහුණු ලාභීන්ට ජාතික නිපුණතා 4 වැනි මට්ටමේ සහතිකය (NVQ 4) ලබා දීමටත්, රජයේ වෘත්තීය හා තාක්ෂණික පුහුණු පාසල් හරහා මෙය ක්‍රියාත්මක කිරීමටත් යෝජිත අතර එය සම්බන්ධීකරණය කිරීමේ පූර්ණ වගකීම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය වෙත පැවරීමටත් අමාත්‍යවරයා කටයුතු කර තිබේ. 

 

106 Views

Comments