නැතිවූ සහ සොයාගත් භාණ්ඩ සඳහා මාර්ගගත පද්ධතියක්


ජපාන පොලිසිය විසින් නැතිවූ සහ සොයාගත් භාණ්ඩ අඩංගු පද්ධතියක් සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

.

ජපාන පොලිසිය විසින් නැතිවූ සහ සොයාගත් භාණ්ඩ අඩංගු පද්ධතියක් සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

එමඟින් රටේ ඕනෑම තැනක නැතිවූ අයිතම අන්තර්ජාලය හරහා සෙවීමට පරිශීලකයින්ට ඉඩ ලබා දෙන බවයි ජාතික පොලිස් ඒජන්සිය පවසා සිටියේ.

මෙම ක්‍රමය යටතේ රටපුරා ඇති පොලිස් දෙපාර්තමේන්තුවලට සොයාගත් දේ පිළිබඳ විස්තර මෙන්ම එය සොයාගත් දිනය, වේලාව සහ ස්ථානය ද සටහන් කිරීමට හැකියාව ලැබෙනවා.

දැනට ප්‍රාන්ත පොලිස් දෙපාර්තමේන්තු 10 ක දියත් කෙරෙන මෙම ක්‍රමය 2027 මාර්තු වන විට රටපුරා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරෙනවා.

123 Views

Comments