මීට වසර 29 කට පෙර Yokohama Chinatown හිදී රාජකාරියේ යෙදී සිටියදී මියගිය Kanagawa ප්‍රාන්ත පොලිස් සැරයන් Naoki Kumagai වෙනුවෙන් අනුස්මරණ උත්සවයක් Kanagawa ප්‍රාන්ත පොලිසියට අනුබද්ධ Kagamachi පොලිස් ස්ථානයේදී පැවැත්වී තිබෙනවා.
1993 නොවැම්බර් 5 වැනිදා රාත්‍රියේ Chinatown නගරයේ වීදිවල මත්ද්‍රව්‍ය භාවිත කරමින් ප්‍රචණ්ඩකාරී ලෙස ක්‍රියා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යාමේදී වම් පපු ප්‍රදේශයට එල්ල වූ පිහි ප්‍රහාරයකින් Kumagai මිය ගොස් තිබුණා.
එතැන් සිට සෑම වසරකම මෙම අනුස්මරණ දේව මෙහෙය පවත්වනවා.