50 හැවිරිදි තම පුතුට නිවසින් පිටතදී පහර දී ඝාතනය කළ බවට සැකපිට 78 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Nobumasa Sugaya නම් අදාළ සැකකරු සවස 6.40 ට පමණ තම පුත් Masayoshiගේ හිසට යකඩ පොල්ලකින් පහර දී ඇති බවයි වාර්තා වන්නේ.
Sugayaගේ බිරිඳ පොලිසියට පවසා ඇත්තේ සිද්ධියට පෙර තම සැමියා සහ පුතා අතර ආරවුලක් ඇති වූ බවයි.