චීන ඔත්තු බැලීමේ යානා 3ක් ජපන් අහසේ


චීන හමුදාවේ ඔත්තු බැලීමේ යානා 3ක් ඔකිනාවා කලාපයේ පියාසර කර ඇති බව වාර්තා වනවා.

.

චීන හමුදාවේ ඔත්තු බැලීමේ නියමුවන් රහිත ගුවන් යානයක්, තොරතුරු රැස් කිරීමේ ගුවන් යානයක් සහ මුර සංචාර ගුවන් යානයක් ඔකිනාවා කලාපයේ පියාසර කර ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් මෙමගින් ගුවන් සීමාව උල්ලංඝනය කිරීමක් සිදුවී නැහැ.

ඊයේ(14) අලුයම නැගෙනහිර චීන මුහුදේ සිට පියාසර කළ මෙම ගුවන් යානා තුන ඔකිනාවා ප්‍රධාන දූපත සහ මියාකෝ දූපත අතර ගමන් කර පැසිෆික් සාගරයට ඉහළින් මතුවී තිබෙනවා. ඉන් පසු ඔකිනාවා ප්‍රධාන දූපතට නැගෙනහිරින් පැසිෆික් සාගරයට ඉහළින් කැරකීමෙන් පසු එය යළිත් එම දූපත් දෙක අතරින් ගමන් කර නැගෙනහිර චීන මුහුදට පැමිණ ඇති බවයි ජපාන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර සිටියේ.

134 Views

Comments