Aomori ප්රාන්තයේ Hachinohe City හි මහල් නිවාසයක 10 වන මහලෙන් වැටී සිව් හැවිරිදි පිරිමි ළමයෙකු මියගොස් තිබෙනවා.
පෙරේදා(13) රාත්රී 11.20 ට පමණ මෙම දරුවා මහල් ගොඩනැගිල්ල ඉදිරිපිට බිම වැටී සිටියදී සොයා ගෙන ඇති අතර රෝහලට ඇතුළත් කිරීමෙන් පැයකට පමණ පසු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
පිරිමි ළමයාගේ මව පවසා ඇත්තේ කුණු බෑගයක් පළමු මහලේ බැහැර කරන ප්රදේශයට රැගෙන යාමට තමා මහල් නිවාසයෙන් පිටත් වූ අවස්ථාවේදී දරුවා නිවසින් බැහැරට පැමිණීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි.