මහල් නිවාසයක මාරාන්තික පිහි ඇනුමක්


කාන්තාවක් ඇගේ මහල් නිවාසය තුළදී මාරාන්තික පිහි ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.

.

42 හැවිරිදි කාන්තාවක් පෙරේදා(16) රාත්‍රියේ Gunma ප්‍රාන්තයේ 

Isesakiහි පිහිටි ඇගේ මහල් නිවාසය තුළදී මාරාන්තික පිහි ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.

පොලිසිය පවසන අන්දමට දෙමහල් ගොඩනැගිල්ලේ පදිංචි තවත් කාන්තාවක් පවසා ඇත්තේ රාත්‍රී 11.30 ට පමණ මියගිය කාන්තාවගේ නිවාසයේ විශාල බහින්බස්වීමක් සිදුවෙමින් පවතින බව ඇසුණු බවයි.

බහින්බස් වීම අවසන් වීමෙන් පසු පිහියක් අතැතිව පුද්ගලයෙකු මහල් නිවාසයෙන් දිව යන බව තමා දුටු බව ද ඇය ප්‍රකාශ කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ මියගිය කාන්තාව නේපාල ජාතිකයෙක් බවයි.

 

 
96 Views

Comments