මෙට්‍රොපොලිටන් උසස් පාසල් ප්‍රවේශ විභාගයේ ඉංග්‍රීසි කථන පරීක්ෂණයට දැඩි විරෝධයක්


තෝකියෝ මෙට්‍රොපොලිටන් උසස් පාසල් ප්‍රවේශ විභාගයේදී ඉංග්‍රීසි කතා කිරීමේ පරීක්ෂණයක් හඳුන්වා දීමට නියමිතයි.

.

ජපානයේ ප්‍රථම වතාවට තෝකියෝ මෙට්‍රොපොලිටන් උසස් පාසල් ප්‍රවේශ විභාගයේදී ඉංග්‍රීසි කතා කිරීමේ පරීක්ෂණයක් හඳුන්වා දීමට නියමිතයි.

නමුත් සමහර දෙමාපියන්ගෙන් සහ අධ්‍යාපන ප්‍රවීණයන්ගේ මේ සඳහා දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.

ලබන අප්‍රේල් මාසයේ සිට මෙට්‍රොපොලිටන් උසස් පාසල්වලට යාමට බලාපොරොත්තු වන අගනුවර තුන්වන වසරේ මධ්‍යම පාසල් සිසුන් 80,000කට ආසන්න සංඛ්‍යාවක් ඉලක්ක කර ගනිමින් ප්‍රවේශ විභාගය සඳහා පරීක්ෂණය නොවැම්බර් 27 වැනිදා ක්‍රියාත්මක කිරීමට නියමිත අතර  ලබන පෙබරවාරියේ පැවැත්වෙන ප්‍රවේශ විභාගවල සමස්ත ලකුණුවලට කථන පරීක්ෂණ ලකුණු ද එකතු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් මෙම කථන පරීක්ෂණය නවත්වන ලෙස ඉල්ලමින් දෙමාපියන් සහ අධ්‍යාපන ප්‍රවීණයන් පෙත්සම් ව්‍යාපාරයක්ද දියත් කර ඇති අතර නොවැම්බර් 11 වනදා විට ඒ සඳහා අත්සන් 23,000 කට වඩා එකතු කර තිබෙනවා.

65 Views

Comments