ජපානයේ රැකියා සඳහා ශ්‍රී ලංකාවේ පුහුණු ශ්‍රමිකයන්ට වැඩි අවස්ථාවක් ලබාදීමට ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිතුමා එකඟ වී තිබෙනවා.
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සමග ක්‍රීඩා අමාත්‍යාංශයේ දී දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අරමුණින් පැවති සාකච්ඡාවක දී තානාපතිවරයා මේ පිළිබඳව සඳහන් කර සිටියා.
ශ්‍රී ලංකාව තුළ පුහුණු ශ්‍රමිකයන් බිහි කිරීම සඳහා රජයේ මැදිහත්වීමෙන් පුහුණු ආයතනයක් ඇති කිරීමටත් ඒ සඳහා ජාතික තරුණ සේවා සභාවේ තරුණ තරුණියන්ට අවස්ථාව ලබා දීමටත් ඔහු කැමැත්ත පළ කර තිබෙනවා.
ජපානය තුල ඇති රැකියා අවස්ථාවන් පිළිබඳව සහ එම රැකියා සඳහා යොමුවීමේදී සපුරාගත යුතු දැනුම කුසලතාවය සහ භාෂා හැකියාවන් පිළිබඳව මෙම පුහුණු මධ්‍යස්ථානයේ දී අවබෝධය ලබාදීමට අපේක්ෂා කෙරෙනවා.