වයස අවුරුදු 20 ක කාන්තාවක් නිවසට යමින් සිටියදී ලිංගික අතවර කළ බව කියන 25 හැවිරිදි තරුණයෙකු සයිටමා නගරයේ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසියට අනුව සිද්ධිය වී ඇත්තේ රාත්රී 7.45ට පමණ වනවා.
කනිෂ්ඨ උසස් පාසල් ගුරුවරියක වන අදාල කාන්තාව රැකියාව නිමවී නිවසට යද්දී අදාල තරුණයා ඇය පසුපසින් ගොස් ලිංගික අතවර කිරීමට තැත් කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් පොලිසිය පැවසුවේ සැකකරු චෝදනාව පිළිගෙන ඇති අතර ඔහුගේ ලිංගික ආශාවන් පාලනය කර ගැනීමට නොහැකි වූ බවට ඔහු පැවසූ බවයි.