ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන් ජපානය පුරා ඉතා සීඝ්රයෙන් පැතිර යන කොරෝනා වෛරසය පාලනය කර ගැනීමට tokyo ආණ්ඩුකාරතුමිය විසින් සැලසුම් ඉදිරිපත් කර තිබේ. විශේෂයෙන්ම පවුල තුළ එක් සාමාජිකයෙක්ගෙන් තවත් සාමාජිකයෙක්ට කොරෝනා ආසාදනය වළක්වා ගැනීමට මෙලෙස සැලසුමක් ඉදිරිපත් කර ඇත.
පවුල තුළ යම් වැඩිහිටියෙකුට කොරෝනා ආසාදනය වුණි නම් ඔහුගෙන් අනිත් සාමාජිකයන්ට පැතිරීම වළක්වා ගැනීමට ඔහු හුදකලා කිරීමට ක්‍රියාමාර්ගයක් ලෙස එම පුද්ගලයාට සහනදායි මිලකට හෝටල් පරිශ්‍රය ක රැඳී ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමට ආණ්ඩුකාරතුමිය සැලසුම් කොට ඇත.
Tokyo නුවරින් දෛනිකව ඉතා විශාල ආසාදිතයන් පිරිසක් මේ වන විටත් වාර්තා වන මොහොතක එය පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම සැලසුම ක්‍රියාත්මක කිරීමට ඔවුන් බලාපොරොත්තු වේ. මේ වන විට ආසාදිතයන් 95000කට වඩා ජපානය පුරා වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 101කි. පසුගිය ජුනි මාසයෙන් පසුව මෙතරම් මරණ සංඛ්‍යාවක් වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙය වේ.