නව කොරෝනා වෛරසයට එරෙහිව වයස අවුරුදු 5 ත් 11 ත් අතර දරුවන් එන්නත් කරනය කිරීම පසුගිය සෙනසුරාදා ටෝකියෝ නුවර දී ආරම්භ විණි.ජපානය පුරා කොරෝනා ආසාදිතයින් සීග්රයෙන් වැඩිවී යන මොහොතක රජයේ විශේෂ අවසරයක් යටතේ මෙලෙස එම වයස් කාණ්ඩයේ දරුවන් එන්නත්කරනය ආරම්භ කර ඇත.
ජපානය පුරා අනෙකුත් නගරවල එන්නත්කරණය මාර්තු මස සිට ආරම්භ වීමට නියමිතව ඇති නමුත් ඒ සඳහා සියලු කටයුතු මේ වන විට සූදානම් නම් ඊට පෙර එන්නත් කිරීම ආරම්භ කළ හැකි බව රජය එම නගර සභා සඳහා දැනුම් දී තිබේ.