බිරිඳ ඝාතනය කල කතෘවරයාට ලැබුණු අධිකරණ තීන්දුව


සිය බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් ජනප්‍රිය මෝනිං කොමික් සඟරාවේ හිටපු නියෝජ්‍ය කර්තෘවරයෙකුට වසර 11ක සිර දඬුවමක් පැනවූ අධිකරණ තීන්දුවක් අවලංගු කර තිබෙනවා.

.

සිය බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් ජනප්‍රිය මෝනිං කොමික් සඟරාවේ හිටපු නියෝජ්‍ය කර්තෘවරයෙකුට වසර 11ක සිර දඬුවමක් පැනවූ අධිකරණ තීන්දුවක් ජපානයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කර නඩුව නැවත විභාග කිරීම සඳහා ටෝකියෝ මහාධිකරණය වෙත යවා ඇත.

47 හැවිරිදි Pak Jong Hyon ඔහුගේ බිරිඳ Kanako ඝාතනය කිරීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහුගේ ආරක්ෂක කණ්ඩායම ප්‍රකාශ කළේ ඇය පශ්චාත් ප්‍රසව විෂාදයෙන් මානසිකව අස්ථාවර වීමෙන් දිවි නසා ගත් බවයි.

2019 වසරේ ටෝකියෝ දිස්ත්‍රික් උසාවිය විසින් Park මිනීමැරුම් චෝදනාවට වරදකරු බව තීන්දු කළේ ඔහු 2016 අගෝස්තු 9 වන දින තම බිරිඳගේ ගෙල මිරිකා මරා දැමූ බව පවසමින්. එම තීන්දුව පසුගිය වසරේ මහාධිකරණය විසින් අනුමත කර ද තිබුණා.

77 Views

Comments