පොලිස් රථයක ගැටුණු සිසුවා


පොලිස් මෝටර් රථයක ගැටීමෙන් පසු පිටුපසින් පැමිණි මෝටර් රථයක ද ගැටී සිහිසුන් විය

.

22 වන දින සවස 5:05 ට පමණ චිබා ප්‍රාන්ත පොලිසියේ මොබරා පොලිස් බල ප්‍රදේශයේ 29 හැවිරිදි කාන්තා පොලිස් නිලධාරිනියකගේ මෝටර් රථයට පාසල් සිසුවෙක් ගැටී ඇත.

මඳ වේලාවකට පසු පිටු පසින් පැමිණි තවත් මෝටර් රථයකද එම සිසුව ගැටීම නිසා සිහිසුන් වී ඇද වැටී ඇත.

සිසුවාගේ පාපැදියට ඉදිරියෙන් සහ පිටුපසින් මෝටර් රථයක් ධාවනය වෙමින් තිබූ අතර පොලිස් කාන්තාවට එම පාපැදිය හොඳින් නොපෙනෙන්නට ඇතැයි පොලිසිය පවසයි.

කෙසේ වෙතත් අනතුරට හේතුව කුමක්ද යන්න පිළිබඳව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

137 Views

Comments