ජපාන ලෝහ කෙරෙහි ඇමරිකානු නව මතය


හිටපු ඇමරිකානු ජනාධිපති Donald Trump විසින් ඇති කරන ලද America First යන වෙළඳ සංකල්පය නිසා...

.

හිටපු ඇමරිකානු ජනාධිපති Donald Trump විසින් ඇති කරන ලද America First යන වෙළඳ සංකල්පය නිසා අඩු කෙරුණු ජපාන ලෝහ ආනයනය මේ වන විට නව ඇමරිකානු පාලන යටතේ නැවත වතාවක් පෙර තිබු පරිදි ප්‍රමාණයට ගෙන ඒමට දෙරට අතර සාකච්ඡා කෙරෙමින් පවතී.

ඇමෙරිකාව සිය ලෝහ ආනයනය කරන ප්‍රධාන රටවල් අතර ජපානය  මූලික වන අතර පසුගිය කාලසීමාවේදී මේ සඳහා වන වෙළඳ ගිවිසුම ප්‍රතිශතයක් ලෙස අඩු කරන ලදී. කෙසේ වෙතත් නව සාකච්ඡා අනුව ජපානයට මෙම කෝටාව පෙර තිබූ බදු වලට සහ ප්‍රමාණයටම නැවත ලබා ගත හැකි බව තමන් විශ්වාස කරන බව ජපාන වෙළඳ අමාත්‍යාංශය පැවසී ය.

Comments