වකයමා ප්‍රාන්තයේ ටනාබේ නගරයේ පාලනාධිකාරිය විසින් එම නගරයේ සියලුම රාජ්‍ය සහ පෞද්ගලික අංශවල සේවකයන් සඳහා අමුතුම ආකාරයේ සුභ සාධනයක් සලසා ඇති බව වාර්තා වේ.
ඒ අනුව නගරයේ සියලුම සේවකයන් සඳහා සාමාන්‍ය රාජකාරි පුටුවක් වෙනුවට ව්‍යායාම සඳහා භාවිතා කරන සැහැල්ලු බෝලයක් සිය රාජකාරි සඳහා යොදා ගැනීමට අවසර ලබා දී තිබේ. පසුගිය වසරේ නොවැම්බර් මසදී මෙහි නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලද අතර එමගින් ලද යහපත් ප්‍රතිචාර මත මෙකී තීරණය තහවුරු කිරීමට නගර පාලන අධිකාරිය පියවර ගෙන තිබේ. එමගින් සේවක ඵලදායීතාව ඉතා ඉහළ යන බව පැවසෙන අතර සේවකයන්ගේ කොඳු ඇට පෙළ වේදනා සහ අනෙකුත් ශාරීරික අපහසුතා විශාල වශයෙන් මගහැරී යන බව ද තහවුරු කරගෙන තිබේ.
ඡායාරූපය : mainichi