අද(02) පෙරවරු 10.05 ට පමණ තෝකියෝ හි ඉටාබාෂි වෝඩ් හි ටොකුමාරු හි මහල් ගොඩනැගිල්ලක දෙවැනි මහලේ කාමරයක වයස අවුරුදු එකක පමණ වයසැති දැරියක් ලේ ගලමින් ඇද වැටී සිටින බවට පොලිසියට තොරතුරක් ලැබී තිබෙනවා.
මෙම සිඟිති දියණියගේ කොන්ද පිහියකින් කපා ඇති බවයි වාර්තා වන්නේ.
ඇය සිහියෙන් සිටින බවත් ඇයගේ ජීවිතයට අනතුරක් නොමැති බවත් ඇයව රෝහල් ගතකල පසු වෛද්‍යවරුන් පවසා තිබෙනවා.
මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුවේ ටකාෂිමඩෙයිරා පොලිස් ස්ථානය විසින් මිනීමැරීමට තැත් කිරීම සම්බන්ධයෙන් සැකපිට දැරියගේ මව යැයි විශ්වාස කරන 30 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.