ජපානය පුරා ළමා අපචාර සිද්ධීන් සොයා බැලීමට රජය පියවර ගනී


රට පුරා ළමා අපචාර සිද්ධීන් සහ මහ නගර සභා ඒවා හසුරුවා ඇති ආකාරය පිළිබඳව සොයා බලන බව රජය ඊයේ(06) ප්‍රකාශ කළේය.

.

මධ්‍යම ජපානයේ ළදරුවන් අපයෝජනය කළ බවට චෝදනා කරමින් ළදරු පාසල් ගුරුවරුන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු රට පුරා ළමා අපචාර සිද්ධීන් සහ මහ නගර සභා ඒවා හසුරුවා ඇති ආකාරය පිළිබඳව සොයා බලන බව රජය ඊයේ(06) ප්‍රකාශ කළේය.

ජුනි මාසයේදී කුඩා දරුවන්ට පහර දීම සහ ඔවුන්ගේ පාදවල උඩු යටිකුරු එල්ලීම වැනි අපයෝජනයන් සිදු කළ බවට සැකපිට කාන්තාවන් තිදෙනා පසුගිය ඉරිදා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සුසෝනෝගේ නගරාධිපති විසින් තවාන්හි පෙරපාසල් ප්‍රධානියා මෙම අපයෝජනය වසන් කළ බවට චෝදනා කළේය.ඔහු සියලු පෙර පාසල් ගුරුවරුන්ගේ හිංසාකාරී හැසිරීම රහසිගතව තබා ගැනීමට දිවුරුමක් ලිවීමට සලස්වා සිද්ධිය දෙමාපියන්ට දැනුම් දීම හිතාමතාම ප්‍රමාද කර ඇති බවද වාර්තා වේ.

 

95 Views

Comments