ජපානයේ කොරියානු ජාත්‍යන්තර පාසලකට හානි කල අයෙක්ට වසර 3ක සිර දඬුවමක්


ජපාන අධිකරණයක් විසින් ඔසාකා ප්‍රාන්තයේ ජාත්‍යන්තර පාසලක ගොඩනැගිල්ලකට හානි කල පුද්ගලයෙකුට වසර තුනක සිර දඬුවමක් නියම කළේය.

.

ජපාන අධිකරණයක් විසින් ඔසාකා ප්‍රාන්තයේ ජාත්‍යන්තර පාසලක ගොඩනැගිල්ලකට හානි කල පුද්ගලයෙකුට වසර තුනක සිර දඬුවමක් නියම කළේය.

30 හැවිරිදි Makoto Tachikawa නම් මොහු ජපානයේ කොරියානු වැසියන් ඇතුළු සිසුන් සහභාගී වූ කොරියානු ජාත්‍යන්තර පාසලකට අනවසරයෙන් ඇතුළු වී එහි ගොඩනැගිල්ලේ තට්ටුවක් ගිනි තැබීම සම්බන්ධයෙන් වරදකරු බව ඔසාකා දිස්ත්‍රික් අධිකරණය තීරණය කළේය.

එම නඩු විභාගයේදීම ඔහු මාර්තු මාසයේදී ජපානයේ ව්‍යවස්ථාදායක ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නීති සම්පාදක කියෝමි සුජිමොටෝගේ කාර්යාලයට මෙන්ම මැයි මාසයේදී ජපානයේ විශාලතම ගිහි බෞද්ධ කණ්ඩායම වන සෝකා ගක්කායිගේට කඩා වැදීම සම්බන්ධයෙන් ද වරදකරු විය.

 

146 Views

Comments