ජපාන අගමැති අගෝස්තු අග භාගයේ මැද පෙරදිග සංචාරය කරයි.


ජපාන අගමැති මැදපෙරදිග සංචාරයක නිරතවීමට සැලසුම් කරයි

.

යුක්රේනයේ රුසියාවේ යුද්ධයෙන් අවුල් වූ බොරතෙල් වෙලඳපොලවල් ස්ථාවර කිරීම සඳහා අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා අගෝස්තු අග දී සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කටාර් වෙත සංචාරය කිරීමට සලකා බලමින් සිටින බව ජපාන රජයේ ආරංචි මාර්ග පවසයි.

 

2020 ජනවාරි මාසයේදී ෂින්සෝ අබේගෙන් පසු ජපන් නායකයෙකු විසින් කරන ලද පළමු මැදපෙරදිග සංචාරය මෙය වන අතර TICAD ලෙස හැඳින්වෙන අප්‍රිකානු සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් සඳහා ටියුනීසියාවට පැමිණීමෙන් පසුව අගෝස්තු 27, 28 දිනයන්හි සංචාරය කරනු ඇතැයි ආරංචි මාර්ග පවසයි.

 

මෙම සංචාරය පැමිණීමට හේතුව ලෙස රුසියාවෙන් ද්‍රව ස්වාභාවික වායු සැපයුම පිළිබඳ උත්සුකතාවය වර්ධනය වීම පෙන්වා දිය හැක

Comments